Friday, September 9, 2016

අමාට සුභ උපන්දිනයක් ... පරක්කු වුනාට සමාවෙන්න..

අමාට සුභ උපන්දිනයක් කියල කියන්න මට අමතක වුනාට මට සමාවෙන්න .. ඔයා දන්නවා මම හැම වෙලාවේම දින මතක තියාගන්න තරම් දක්ෂ  නෑ කියල ඉතින් මට සමාව හම්බෙයිද කියල දන්නේ නැතුව හරි කමක් නැහැ මම සමව ඉල්ලනවා ඔය දන්නවා මේ මෝඩයාගේ හැමදාම හැටි එක කියලා.. දලම්බුවෙකුගේ හීනය සමනලයෙක් වෙන්න; ඒ හීනය හැබෑ කරගන්න ඒ අහිංසක දළඹුවා ට කෝෂයක් හදල දෙන්න  මටත් පුළුවන් වුනා කියල මම හීනෙකින් වත් හිතුවේ නැහැ.. හැබැයි උපන්දින හීනය ඇතුලේ ඒ කතාව ලස්සනට ගලපලා තිබුණා..

ඔෆිස් එකේ එක දිගට වැඩ කරලා වෙලාව යනවද කියලවත් දැනගන්න විදියක් නැතුව ඉන්න කොට  “ සර් ගෙදර යන්නේ නැද්ද අද.. දැන් වෙලාව 11.45 යි”  කියල ඩයිවර් කොලුවා කියනකම් මට නිච්චියක් තිබ්බෙම නැහැ.. වැඩ ඔක්කොම බාගෙට කරලා... ලැප් එකත් වහගෙන ෆයිල් ටික ගන්න කියල කපිලට කියාගෙන මම පල්ලෙහට ආවේ හෙට එළිවෙන්න පැයක් හරි තියල මම මේ ටික ඉවරයක් කරලා දානවා කියල හිතාගෙන..
දිනේ මතකවත් නැති මම නාගෙන; කාමරේ මෙසේ උඩ තියල තිබ්බ ඔක්කොම ෆයිල් ටිකයි වහල තිබ්බ ලැප් එකයි බලල දිග හුස්මක් ගත්ත.. හිතට නොතේරෙන මහා මුසල පාළුවක් එක්ක මම මේ ටිකේම අතරමන් වෙලා ඉදියේ.. දන්නෙම නැහැ මම ඒ මොන හීනයක්ද කියල .. මේ පාලු මාලිගාව ඇතුලේ මට කොපි හදල දෙන්න කිසිකෙනෙක් මෙවෙලාවේ ඇහැරිලා හිටියේ නැහැ .. කපිලත් නිදි නිසා මම කුද්දන්න ගියෙත් නැහැ .. මම ම හදාගෙන ආපහු මෙසේ ළඟ  වාඩි වෙලා PC එක ඕන් කලේ සින්දුවක් අහනගමන් වැඩ කරගන්න. ඔෆිස් එකේ ඔක්කොම තිබ්බේ ලැප් එකේ ඒ මගුලත් ඕන් කරගෙන ඉන්න වෙලාවේ නිකමට මම ඔයාගේ හීන කියවන්න අවා  ඒ වෙලාවේ තමයි මම දැක්කේ ....
මම හිරවෙලා...

ඔයාගේ ලස්සන හීන ලෝකය මට පුළුවන් හැම වෙලාවේම මම කියවනවා දෙයියනේ.. මම ඉන්නෙත් ගිනි ගොඩක .. ඒ සමහර හීනවල මාව ආදරයෙන් මතක් වුනත් හැම හීනේකම වගේ මම හිටියේ විරහවෙන් පීඩා විඳින කවිකාර හැඩකාරියකගේ සාහසික දුෂ්ඨයා වෙලා... සහුර්ද සිත් වල කම්පනයක් එකතු කරගෙන එක දිගට බැනුම් අහන මුග්ධ පෙම්වතා වෙලා... සමහර වෙලාවට මට හිතෙනවා ඔයාගේ ලෝකය හීන ගඩොල් වලින් හදලා ඒ හීන මාලිගාවේ ඔයාව අභිෂේක ලත් මහාරජිණිය කරලා රාහුලයෙක් උපදින්නටත් කලින්ම මධු සාමය අහවර වෙන්නටත් කලින්ම ඒ හීන වලට ගිනි තියලා ඔබෙන් ලොප් වුනු මට ඒ සියල්ල උරුමයි කියලා...


හැබැයි රත්තරන් දන්නවද ඔයා ... මමත් ඒ හීන මාලිගාවේම කෑලි කෑලි එකතු කර කර තවමත් අසරණව තුවාල වුනු සීරුණු.. හිතක වෙදානවා ඉවසනවා කියලා...  එක හිතන්න්නවත් ඔයාට වෙලාවක් නැති තරමටම ඔබ මගේ ප්‍රේමයෙන් සිහි මුර්ජාවී හමාර බව මම තේරුම් ගන්න කැමති නැහැ... ඔබට අඩන්න හේතුව වුනේ මම .. මට හැරදමා යන්න හේතුව වුනේ ඔබ.. නමුත් මම තවම ඒ ජීවිතයට  ආදරෙයි.. සැත්තැම්බර් දෙවෙනිදා දිනය අමතක වුනාට මටත් ඒ මිය ඇඳුනු ප්‍රේමය සමරන්න අනුස්මරණය කරන්න සුන්දර දවසක් හදවතේ සනිටුවහන් වෙලා තියනවා ...

No comments:

Post a Comment