සංසාරේ කොයිතරම් දිගද
කොයිතරම් පලලද කියන්න දන්නේ නැති වුනාට අපි සංසාරේ ගාවගෙන කොයිතරම් දේවල් කතා
කරනවද කොයිතරම් දේවල් ගලප ගන්නවද.. මට හිතෙන්නේ ඇත්තටම කියනව නම් ඒ වෙන මොකක්වත්
නෙවෙයි මනුස්සගතියට තියන පරිකල්පන හැකියාව කියල ...
බොළඳ ප්‍රේමනීය කතාවක
ඇතුලාන්තය ගැන කතා කරන්න මට උවමනා වුනේ නැහැ. හැමදාම මම ඔබට පෙම්කලා ඒ වගේම මම
ඔයාගේ කවිවලට හුස්ම පොවන්න හැදුවා. මට ඕනේ මමත් සාධාරණයි කියල කියන්න නෙවෙයි. මට
ඕනේ හැමෝටම ඇහෙන්න කෑගහල මගේ අසරණකම ගැන ප්‍රසිද්ධ කරන්න නෙවෙයි..
මම දවසක් එනකම් බලාගෙන
ඉන්නවා.. අමා ඔයාට පුලුවන්ද ඉවසන්න...
කියාගන්න
මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ...
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නට බැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවේ...
මගේ අත්තටු තවම හයිය
නැහැ.. ඔබ ඉදිරියේ වීරයෙක් වුනාට විසල් සුවිසල් සමාජයේ මම වීරයෙක් නෙවෙයි.. මට
ඔයත් එක්ක බෙදාගන්න , මුහුදු රැල්ලට කතා කියන්න, අත් අල්ලාගෙන අනන්තයට ඇවිදින්න හිතේ
හීන නැතුව නෙවෙයි.. දෙයියනේ කොහොමද මගේ හීනවලට මම අකුරු හොයන්නේ මම ඉන්න සමාජ
අසාධාරණය ගැන ඔයාට කියන්න සම්මුතිකව ශබ්ද වලට මේ සමාජයම දීපු සංකේත මට මදියි..
වරම් නොවේ
මට ඔබ හමුවන්නට
ඈතින් ඉද හිනැහෙනු මැනවී
ඈතින් ඉද හිනැහෙනු මැනවී
මම දන්නවා හිතන තරම්
පහසු නැහැ කියලා...
ඔබේ හැම කවියකම ඉන්න මගේ
සුසුම් පොද ගිලිහෙන්නට නොදී රැකගන්න .. මගේ ඉල්ලීම එයයි..
කවි කාරියකට පෙම්කල නිසා
ඒ කවි කාරියගේ විරහ කවියට පෙම්කරන සහුර්දයන්ගේ සාපයට මා හසු නොකරන්න..
අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ
ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
සිදීගිය ගඟ දෑල හැර දැමූවේ කව්ද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය
කටුක දුක් විරහ මැද අතරමං වී
ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙනු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙනු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක
No comments:
Post a Comment