Monday, September 12, 2016

සිනාවන් ගෙනා වසන්තේ දමා කොහේ යන්නදෝ පියඹලා .

ඔබේ දයාබර සෙනෙහෙබර අහිංසක පෙම්වතා මම ....

මගේ ප්‍රේම කතාවේදීත් මම දන්නවා ඔයාගේ හොඳම පෙම්වතා මම නොවන බව.. මම ඔයාගේ ප්‍රේමය දැනෙන සියලු දැනීම් විසන්දි කරලා අවයව ඔත්පල කරපු ප්‍රේමයේ නාමයෙන් මකබෑවිල යන්න තරම්ම වටිනා පවුකාරයෙක්.. 
නැහැ... 
එහෙම වෙන්නත් බැහැ ඔයාගේ හැම විරහ වේදනාවකම කවියකම සිරවෙලා ඉන්න පෙම්වතාත් මම නිසා සමහර වලාවට මට හිතෙනවා ඔයාට හිටපු හොඳම පෙම්වතා මම කියලා.. 
ප්‍රශ්නේ තිබුනේ ඇත්තටම එකත් නෙවෙයි.. 
ඔබ පෙම් කලේ මම නොවන මට නිසා.. 
ඒ මම නොවන තැන ඉන්න මාව හොයාගෙන ආපු පාරේදී ඔයා තුවාල වුනු එක.. 
ඔව් එක තමයි මෙතන තියන දැවෙන ප්‍රශ්නය වුනේ....
දයාබර ඔබ කියන කතාව ඇත්ත..
මරණයෙන් පස්සේ තමයි හොඳම කවි ලියවෙන්නේ.. 
අප ප්‍රේම කතාවේ සුසානය මත කාලයක් ඔයා ලියපු කවි වලට මම උත්තර දෙන්නම්...

මම ආදරේ කලේ ඔයාට තවමත් එහෙමයි.. 
මේ ලියවිල්ල ලියනකොට පාන්දර 2.35 පහුවෙලා ..
පටන්ගනන කොට හිටපු දඟකාර කොලු පැටියට ලොකු වැඩ ගොඩක් කරන්න සිද්ද වුනු බව ඔයා දන්නේ නැතුව ඇති.. 
හීන සාප්පුවක හීන විකුනපු කාලයක ඔයත් මගෙන් හීන මිලදී ගත්ත කියල මම දන්නවා. නමුත් ඔයා මගෙන් ගත්තු හීන අද විකුනද්දී මට දුකයි. ඒ හීනවල අපේ කතාව මම කියවනකොට කොතරම් වේදනාවකින් මම පෙලෙනවද කියල දන්නේ මුර්ධජ අකුරක හිරවෙලා ඔබේ තීන්දුව මත හිරබත් කන මුග්ධ විජයගේ නුතන රූපන්තරණයට ලක්වුණු මම විතරයි...
මතකද ඉස්සර ඔෆිස් යන්න ඕන කියල කියපුවාම මාව අවදි කරන්න ඔයා ගත්තු මහන්සිය.. 
සත්තකින්ම ඒ මාලිගාවේ නිදියන්න මම පින් කරලා නැහැ අමා.. 
මම ඔයාගේ පැණි වළලු කතා වලට දක්වන පෙම කොහොම කියන්නද කියල මම භාෂාවක අකුරු හොයනවා.. 
ඒ ඔක්කොම මම එක්ක මියැදිලා ගියපුදෙන්.. 
මම ගාව බූන්දි පාර්සලයක් තිබුනේ නැහැ අමා.. 
යනගමන්වත් කැළණි ගඟට විසිකරගෙන යන්න ඔයාට ගේ ගාවින් අහුලගන්න ... 
ඇත්තටම ඒ කතාව තවම ඉවර නැහැ..

අවසන් වතාවට මේ කියන්නේ කියල හිතාගෙන “මට මගේ පාඩුවේ ඉන්න දෙන්න” කියල සැරට මට INBOX කරලා.. 
මාව  මේ වෙනකොට ඔයා බ්ලොක් කරාට , කොච්චර පාඩුවේ ඉන්න දෙන්න කියල කිව්වත් ...
මම හිතන්නේ වෙනස් දෙයක්.. 

මතකේ තියාන කී කතා..
දිවියේ පුරාම ඉන්නවා..
මට දාලා යන්න බෑ ඔයා..
නොපමාව එන්න මා සොයා..
සමාව තියෙනවා සදා..

ඒ සින්දු කෑල්ලේ " සමාව තියනවා සදා " කොටස අයින් කරලා " සමාව දෙන්න මට සදා" කොටස දාන්න වේවි... මොකද වරද මගේ නිසා..

No comments:

Post a Comment